About Us

ශ්‍රී ලාංකිකයන්ගේ හඬ යන අරුත දෙමින් “Voice of Srilankens”සංවිධානය ,2018 වසරේදී කතානියා නගරයේදී ආරම්භ කෙරිණි.මෙම සංවිධානය ආරම්භ කිරීමේදි මුල්ම අරමුණ වූයේ දේශපාලනයෙන්,ජාතිවාදයෙන්,ආගම්වාදයෙන් තොරවූ පිරිසිදු සංවිධානයක් බිහි කිරීමයි .ඉතාලියේදී ..විශේෂයෙන්ම සිසිලියේදී විවිධ අපහසුතාවලට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයන්ට පිහිට වීම මෙම සංවිධානයේ එක් අරමුණක් විය.ඉතාලි භාෂාව හොඳින් හැසිරවීමට හැකියාවක් ඇති ,විවිධ සමාජ මට්ටම්වල ඉතාලි ජාතිකයන් අතරට යා හැකි පිරිසක් මෙම සංවිධානයට තෝරා ගත්තේ එම අරමුණ පෙරදැරි කරගෙනය . ශ්‍රීලංකාවේ වෙසෙන ,විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන ජනතාවට සහන සැලසීමද “Voice of Srilankens” සංවිධානයේ තවත් අරමුණක් වී ඇත .මෙම අදහස පෙරදැරි කරගෙන,ශ්‍රී ලංකාව තුළ විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ආඩම්බරයෙන් පැවසීය හැක.මේ කටයුතු සඳහා සිසිලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන්ද නොමද සහයෝගයක් ලැබෙන බව කිව යුතුමය . ඉතාලි ජාතිකයන් අතර ශ්‍රී ලංකාව පිළිබඳවත් ,ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳවත් දැණුවත් කිරීමත්,මෙම සංවිධානයේ තවත් අරමුණකි.මේ සඳහාද වැඩ සටහන් කිහිපයක් නුදුරු අනාගතයේදී ක්‍රියාත්මක වෙනු ඇත. මෙවන් උදාර අරමුණු රැසක් පෙරදැරි කරගෙන ,ඒ අරමුණු ඉටු කර ගැනීමට ඇති බාධක සිඳ බිඳ දමමින් ඉදිරියට ඇදෙන “Voice of Srilankens”සංවිධානය ,දැනට කතානියා නගරයේ බිහිවී ඇති ශක්තිමත්ම සංවිධානය බව පවසන්නේ ඉමහත් ආඩම්බරයෙනි .

Download – ඔබත් VOS සාමාජිකයෙක් වීමට කැමතිද ? එහෙනම් අයදුම් පත මෙතනින් ලබාගන්න.